අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුජීව සේනසිංහ මහතාගේ පියාණන් වන ජ්‍යෙෂ්ඨ නීතීඥ ස්ටැන්ලි සේනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මහනුවර අධිකරණයේ ජ්‍යේෂ්ඨ නීතීඥයෙකු වූ සේනසිංහ මහතා කලක් මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකු ලෙස ද සේවය කර තිබේ.
මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ 77 හැවිරිදි ස්ටැන්ලි සේනසිංහ මහතාගේ දේහය ඊයේ පස්වරුවේ මහනුවර අස්ගිරියේ පිහිටි නිවසට රැගෙන ආවේ ය.
1938 මාර්තු මස 21 වන දා උපන් ස්ටැන්ලි සේනසිංහ මහතා, පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල උපාධිධරයෙකි.
විශ්‍රාමික කථිකාචාර්යවරියක වූ උපමාලිකා සේනසිංහ මැතිණියගේ දයාබර ස්වාමියා වූ ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
විශේෂඥ වෛද්‍ය නාමල් සේනසිංහ මහතා, වරලත් ගණකාධිකාරී චමින්ද සේනසිංහ මහතා සහ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුජීව සේනසිංහ මහතා ස්ටැන්ලි සේනසිංහ මහතාගේ පුතුන් තිදෙනා වෙති.
ස්ටැන්ලි සේනසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිත ය.
Monday, June 8, 2015
Tuesday, June 2, 2015
Subscribe to:
Comments (Atom)
